Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා වෛරස වැළදුණු ලාංකිකයෙක් බ්‍රිතාන්‍යයේදී ජිවිතක්ෂයට




කොරෝනා වෛරසය වැළදුණු 55 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් එංගලන්තයේ, ලන්ඩන් නුවර Feltham ප්‍රදේශයේදී අද (28) දින ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගෙන් ඒ සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය හරහා කරුණු තහවුරු කර ගනිමින් සිටින බවයි.

මිට දින දෙකකට ඉහතදී යාපනය, පුන්කුඩිතීව් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් කොරෝනා වෛරසය වැළදීමෙන් ස්විට්සර්ලන්තයේදී ජිවිතක්ෂයට පත් වුණා.