Thursday, April 25, 2024

General line - 0115112241

නාවික හමුදා කඳවුරක් තුළ වෙඩි තැබීමකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල

ජූඞ් සමන්ත




කල්පිටිය - මොහෙත්තුවාරම දූපතේ නාවික හමුදා කඳවුර තුළ සිදුවී ඇති වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා.

ඊයේ (28)  මධ්‍යම රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ නාවික හමුදා සෙබළකු බව පොලීසිය විසින් හදුනා ගෙන තිබෙනවා.

සිද්ධියෙන් සුළු නිලධාරී විජේවීර නම් අයෙක් මිය ගොස් ඇති අතර තුවාල ලබා ඇත්තේ බල නැවි කුමාරසිංහ සහ නාවික ඉංජිනේරු අතුකෝරල යන  අයයි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ බව කියන නාවික හමුදා සෙබළෙකු ගිනි අවියක්ද සමග පලා ගොස් තිබෙනවා. ඔහු මොහෙත්තුවාරම දූපතේ ඇති කඩොල් කැලෑවක් තුළ සැගවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. ඒ අනුව නාවික හමුදා කණ්ඩායමක් ඔහු සොයා රාත්‍රි කාලයේ සොදිසි සිදු කර තිබුණා.

රාජකාරි ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව ඇති වූ නොසන්සුන් තාවයක් හේතුවෙන් වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙළි වී තිබෙනවා.