Saturday, April 20, 2024

General line - 0115112241

තෑපැලෙන් ඖෂධ බෙදා දීම රට පුරා අද සිට ඇරඹේ - සායන වලින් නිකුත් කරනා බෙහෙත් බෙදා දීම නොමිලයේ




සායන සඳහා ලියාපදිංචි රෝගීන් වෙනුවෙන් රජයේ රෝහල් විසින් නිකුත් කෙරෙන ඖෂධ රෝගීන්ගේ නිවෙසටම ගොස් ලබාදීමේ සේවාව අද සිට රට පුරා ව්‍යාප්ත කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. 

කොළඹ සහ අවට ප‍්‍රදේශවලද ඊයේ සිට මෙම සේවා සැපයෙන බවයි මෙහිදී සිහිපත් කෙරුණේ. 

රජයේ ඔසුසැල් මගින් නිකුත් කෙරෙන ඖෂධ ද තැපැල් දෙපාර්තමේන්තුව විසින් රෝගීන්ගේ නිවෙස්වලටම ගොස් භාරදීම සිදුවනවා. අද සිට එම සේවාව ද රටපුරා ව්‍යාප්ත කරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ. 

රජයේ ඔසුසැල් විසින් නිකුත් කෙරෙන ඖෂධ රෝගීන්ට නිවෙසට ගොස් ලබාදීමේ සේවය සඳහා අයකිරීමක් සිදුකෙරෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

කෙසේවෙතත්, රෝහල් විසින් නිකුත් කෙරෙන ඖෂධ රෝගීන්ට නිවෙසට ගොස් ලබාදීමේදී එවැනි අයකිරීමක් සිදුනොකෙරෙන බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.