Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් ගණන 122ට නගී : 03 දෙනෙක් සුවය ලබා පිටව යයි 




නව කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින් සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. එමෙන්ම කොරෝනා වෛරසය ආසාධිතව සිටි පුද්ගලයින් තිදෙනෙක් ඉන් පුර්ණ සුවය ලබා අද දින රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මේ වන විට කොරෝනා වෛරසයෙන් සම්පුර්ණ සුවය ලැබූ පිරිස 14ක් බවයි වසංගත රෝග  විද්‍යා අංශය සඳහන් කරන්නේ.