Friday, March 29, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ තවත් 75 දෙනෙකු අත්අඩංගුවට




ඇඳිරි නීතිය උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 75 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද උදෑසන 06.00 සිට දහවල් 12.00 දක්වා ගත වූ පැය 06 ක කාල සීමාව තුළදීයි. 

නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්කවලින් එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. 

අදාළ කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 35 ක්. ඒ අනුව මාර්තු මස 20 වනදා සිට අද දහවල් 12 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් ගණන 6,925 ක්. 

පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන ගණන 1,678 ක් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.