Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයට ප්‍රතිකාර සොයා ප්‍රංශය සිදුකළ පර්යේෂණයේ ප්‍රථිපල මේ සතියේදී




නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර සොයා සිදුකරනු ලැබු පළමු පර්යේෂණයේ ප්‍රථිපල මෙම සතියේ අග භාගයේදී ලබා ගත හැකි බව ප්‍රංශයේ පර්යේෂණ අමාත්‍ය ෆ්‍රෙඩ්ඩ්‍රික්‌ වීඩාල් ප්‍රකාශ කර සිටිනවා.

කොරෝනා වෛරසයට ලබාදිය හැකි ප්‍රතිකර්ම සම්බන්ධයෙන් වන සායනික අත්හදා බැලීම් 04ක් මිට සතියකට පෙර ආරම්භ කළ බවත් ඒ සඳහා ස්වෙච්ජාවෙන් යුරෝපයේ පුද්ගලයින් 3000ක් එක්ව සිටියා.

නිශ්චිත කාල රාමුවක් තුල එම පුද්ගලයින් සඳහා ලබා දුන් ප්‍රතිකාරවල තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණය කළ යුතු බව ප්‍රංශයේ ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය පරීක්ෂණ ආයතනයසඳහන් කර සිටිනවා.

ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් ලබා දෙනු ලබන Remdesivir, එච්.අයි.වී. ආසාධිතයින් සඳහා ලබා දෙන Lopinavir-Ritonavir ඖෂධය, මැලේරියා රෝගය සඳහා ලබා දෙන Hydroxychioroquine සහ Interferon-beta යන ඖෂධය මෙලෙස අත්හදා බැලීම් සඳහා යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.