Wednesday, April 17, 2024

General line - 0115112241

මෙය ඉබේ නතර වන වෛරසයක් නොවේ : කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි




මේ වන විට ලොවපුරා ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය ඉබේම නතර නොවන බවත් මහජන සෞඛ්‍ය ආරක්ෂණ පියවර මගින් එහි ව්‍යාප්තිය නවතාලිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මයික් රයන් සඳහන් කර සිටිනවා.

" බොහෝ දෙනා කතා කරනවා ඉහළ යන වක්‍රය පැතිලි කරන ආකාරය ගැන. ගැටළුව නම් එය සිදුකරන්නේ කොහොමද කියන එකයි. මිනිසුන්ව නිවෙස් තුලට සීමා කිරිමෙන් පමණක් එය කළ හැකි වන්නේ නැහැ.

සැබවින්ම සිදුකළ යුත්තේ වෛරසයට ගොදුරුවන පුද්ගලයින් සංඛ්‍යාත්මකව අඩු කිරීමයි. ඒ වගේම මහජන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය දෙගුණයකින් වැඩි කළ යුතු වනවා.

වෛරසයේ ව්‍යාප්තිය සොභාවිකව නතර වන්නේ නැහැ. අප එය නතර කිරිමට කටයුතු කළ යුතුයි.

වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා මිනිසුන් නිවෙස් වලට සීමා කිරිම සිදුකළ යුතුයි. එවිට වෛරසයට නිරාවරණය පිරිස අවම කර ගැනීමට හැකිවනවා. යම් අයෙක්ට ශරීරයේ වෛරසය රැඳී තිබුණත් එය ව්‍යාප්ත වීම සිමා වනවා. වසංගත තත්ත්වයක් පාලනය කිරීමේදී මෙය ඉතා වැදගත්
" වෛද්‍ය මයික් රයන් සඳහන් කර සිටියා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන වෛරස් සහ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය Maria Van Kerkhove සඳහන් කර සිටියේ "අප මෙම තත්ත්වයෙන් මිදීමට දැන් කළ යුතු දේ ගැන අවධානය යොමු කළ යුතුව ඇති බවයි".