Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය ආහාර මගින් ව්‍යාප්ත විය හැකි ද? - යළිත් පැහැදිළි කිරීමක්




කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ආකාරය සම්බන්ධයෙන් ඇතැමුන් තුළ වැරදි මත පවතින බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

ආහාර මගින් මෙම වෛරසය ව්‍යාප්ත වීමක් සිදු නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින් ආදාහනය කිරීමේදී පිටවන දුමාරය මගින් හෝ අංශු මගින් වෛරසය ව්‍යාප්ත වීමේ කිසිදු හැකියාවක් නොමැති බව ද වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කළා.