Thursday, April 25, 2024

General line - 0115112241

අද නිවෙස් බලා යන නිරෝධායනයට ලක් වූ තවත් පිරිසක් (PHOTOS)

මාධව කුලසූරිය/දිනසේන රතුගමගේ




විදෙස්ගතව සිට වවුනියාව ගුවන් හමුදා කඳවුරු වෙත නිරෝධායනය වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 206 දෙනෙකු නිරෝධායනයෙන් අනතුරුව අද (31) නිවෙස් වෙත පිටත්කළ බව ගුවන් හමුදාව පවසනවා.

ගුවන් හමුදාව පැවසුවේ යුරෝපයේ හා මැදපෙරදිග රටවල සිට පැමිණි කණ්ඩායමක් එලෙස නිරෝධායන කටයුතු අවසන්වීමෙන් අනතුරුව ඔවුනගේ නිවෙස්වෙතට පිටත් කළ බවයි.

උතුරු නැගෙනහිර ගුවන් හමුදා කදවුරු තුළ පුද්ගලයින් 581 දෙනෙකු නිරෝධායනය වෙනුවෙන් යොමු කර තිබුණා.

සෞඛ්‍ය අංශයන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්වු පිරිස සෞඛ්‍ය උපදෙස් මත දින 14 ක නිරෝධායනයෙන් අනතුරුව එලෙස නිවෙස් වෙත පිටත් කළ බවද ගුවන් හමුදාව පැවසුවා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ අධීක්ෂණය යටතේ වන්නි ගුවන් කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු ඩි.සි.අයි.වීරසූරියගේ මෙහෙයවීම යටතේ නිරෝධායන කඳවුර ස්ථාපිත කොට තිබුණා.

ගාල්ල, මාතර, රත්නපුර, අවිස්සාවේල්ලල, මීගමුව හා යාපනය ආදි ප්‍රදේශවල පිරිසක් නිරෝධායනයෙන් අනතුරුව එලෙස නිවෙස්කරා පිටත්ව ගියා.