Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහර සාර්ථකව ඉදිරියට




නෙත් එෆ්. එම්. රේඩියෝව අපි ජාතික බලවේගය හා එක්ව ආරම්භ කළ ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහරට මේ වනවිටත් බොහෝ පිරිස් යහපත් ප‍්‍රතිචාර දක්වමින් සිටිනවා.

ඇති දේ බෙදාහදා ගැනීම, හැකි දේ අප විසින්ම වගා කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම සඳහායි ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහරේදී ජනතාව දිරිමත් කෙරෙන්නේ.

ප‍්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරගම ගම්මන්පිල ශෛලබිම්බාරාමයේදී එවැනි සත් කටයුත්තක් ඊයේ (30) සිදු කෙරුණා. එහිදී එම විහාරස්ථානයට සහ ප‍්‍රදේශයේ අගහිගකම් සහිත පවුල් වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරුණා.

මේ අතර රටවාසී සහ ලෝකවාසී ජනතාවට නිරෝගී බව සහ ජීවිතාරක්ෂාව ප‍්‍රාර්ථනය කරමින් අපේ‍්‍රල් මස පළමු වැනිදා සිට දින 07 ක් සත්‍යකි‍්‍රයා කරන ලෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමස්ත මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

අපේ‍්‍රල් මස පළමු වැනිදා සිට දින 07 ක් රාතී‍්‍ර 07 ට සියලූ විහාරස්ථානවල ඝණ්ඨාර නාද කොට, ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් පන්සිල් සමාදන් කරවා ති‍්‍රවිධ රත්නය වන්දනා කර පිරිත් දේශන පවත්වන ලෙසයි ඉල්ලීමක් කෙරුණේ.

එම දිනවල රාතී‍්‍ර 07.55 ට සියලූදෙනාට සෙත් පතා සත්‍යකි‍්‍රයා කරන ලෙස ද  ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉල්ලා සිටිනවා.

මල්වතු, අස්ගිරි පාර්ශවවල මහා නායක ස්වාමීන් වහන්සේ, අමරපුර, රාමඤ්ඤ නිකායන්හි මහ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලූ නිකායන්වලට අයත් නායක ස්වාමීන් වහන්සේ 30 නමක් විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා.