කොරෝනා වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් අද දිනයේදී සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් 16 දෙනෙක් ඉන් සුවය ලබා ඇති බවයි එම අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දැනට මේ වන විට කොරෝනා වෛරසය ආසධිතවූ පුද්ගලයින් 112ක් මෙරටින් වාර්තාවී ඇති අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 104 දෙනෙක් බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.