Saturday, April 20, 2024

General line - 0115112241

බලපත්‍ර නොමැතිව මාර්ගවල ගමන් ගන්නා සියලු තැනැත්තන් අත්අඩංගුවට




තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරීමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන හැර ඇඳිරිනීති බලපත්‍ර නොමැතිව මහා මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියලුම තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

අධිකරණයෙන් වැරදිකරු වුවහොත් සිර දඬුවමකට සහ දඩයකට ද යටත් වනු ඇති බවයි පෙන්වා දෙන්නේ.

ඊට අමතරව එම තැනැත්තන් අවශ්‍යතාව අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන් වෙත හෝ අධිකරණය වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කර වාර්තා ලබා ගැනීමට කටයුතු කරනු ඇති බවත් සඳහන් කරනවා.

අදාළ වාහන පොලිස් භාරයට ගෙන මෙම වසංගත තත්ත්වය පහව යන තෙක් රඳවා ගැනීමටද කටයුතු කරනු ඇති.