Thursday, April 25, 2024

General line - 0115112241

වැවු, පොකුණු වල දිය නෑමෙන් කොරෝනා බෝවිය හැකිද ?




වැව්, පොකුණු වැනි ස්නානය කරන පොදු ස්ථාන මගින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩක් නොමැති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. 

ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසූවේ එවන් ඉඩක් නොමැති බවයි.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින් ආදාහනය කිරීමේදී පිටවන දුමාරය මගින් හෝ අංශු මගින් එම වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතීද යන්න ඇතැමුන් මතු කරන ප‍්‍රශ්නයක්. 

කෙසේ වෙතත්, එලෙස වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩකඩක් නොමැති බවයි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කළේ. ආහාර මගින් ද වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් නොමැති බව වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.