Wednesday, April 24, 2024

General line - 0115112241

පවතින තත්ත්වය හමුවේ ඩයලොග්  'e-Working,e-Learning , e-Health' විසඳුම්වලින් ශ්‍රී  ලාංකිකයන් සවිබලගන්වයි




Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ ශ්‍රී ලංකාව අඛණ්ඩව සන්නිවේදනයෙන් සම්බන්ධ කිරීම සඳහා කැපවී කටයුතු කරනවා. 

පාර්ශවකරුවන්, පාරිභෝගිකයන්, ව්‍යවසාය, ව්‍යාපාරික පාර්ශවකරුවන් සහ රජය යන ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් සිය විදුලි සංදේශ යටිතල පහසුකම් සහ ඩිජිටල් සේවා සැපයීම හරහා අඛණ්ඩව ව්‍යාපාරික කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ඩයලොග් මනා සූදානමකින් හා කැපවීමෙන් පසුවෙනවා.

පවතින වත්මන් තත්තවය තුළ Online පහසුකම් දෛනික අවශ්‍යතාවක් බවට පත්ව ඇති මෙවන් පසුබිමක, සමාජ සම්බන්ධතාවලින් දුරස්වී සිටින ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කිරීම සඳහා ඉවහල්වන කාර්යභාරයක් වෙනුවෙන් ඩයලොග් සමාගම තවත් ඉදිරි පියවරක් තබා තිබෙනවා.

මෙම දුෂ්කර කාලසීමාවේදී සිය පාරිභෝගිකයන් අඛණ්ඩව සන්නිවේදනයෙන් සම්බන්ධ කිරීමට කටයුතු කරන අතරවාරයේ, පහත සඳහන් විශේෂ සේවාවන්ද තම පාරිභෝගිකයන්ට ලබාදීමට ඩයලොග් සමාගම පියවර ගෙන ඇති බවයි දැනුම් දෙන්නේ.

(එම තොරතුරු පහතින් දැක්වේ)