Tuesday, April 23, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් ගණන 132ක් දක්වා ඉහළට




අද (31) දිනයේ මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 10 දෙනෙක් සොයා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරුව ඇති පුද්ගලයින් 10 දෙනා ගෙන් 06 දෙනෙක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

මෙම පුද්ගලයින් 06 දෙනා ගෙන් සිව්දෙනෙක් මිට පෙර කොරෝනා වෛරසය වැළදුණු රෝගියෙක් ගේ පවුලේ ඥාතීන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මිට අමතරව මිට දින කිහිපයකට පෙර අකුරණ ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙක්ට ද අද එම වෛරසය වැලදී ඇති බව තහවුරු වී ඇත.

මේ අතර අද දිනයේ වාර්තා වූ 10 වන රෝගියා දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.