Thursday, March 28, 2024

General line - 0115112241

ඉතාලිය මිනිත්තුවකට නිහඬ වෙයි




කොරෝනා වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වූ ඉතාලි ජාතිකයින්ට ගෞරව කිරිම සඳහා එරට ජාතික ධජය අඩකුඹු කිරිමට සහ මිනිත්තුවක කාලයක් නිශ්ශබ්දතාවයක් පවත්වන බව එරට නගරාධිපතිවරුන්ගේ සංගමය නිවේදනය කරනු ලබනවා.

වතිකානුවද එම උපහාරයට එක්වන බවට නිවේදනය කර තිබෙනවා.

" කොරෝනා වෛරසයෙන් ජිවිත අහිමි වූ පුද්ගලයින්ට ගෞරව කිරිමට සහ ඥාතින් අහිමිවූ එම පවුල් වලට තමන්ගේ ශෝකය පළ කිරිමට එක් වනවා" යැයි සඳහන් කරමින් වතිකානුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ පුද්ගලයින් 11,591ක් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.