Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා වසංගතය : කොළඹ කොටස් වෙළඳපොළත් සම්පූර්ණයෙන්ම වැසේ




ඇදිරි නීතිය ඉවත් කරන තෙක් සිය ගණුදෙණු තවදුරටත් අත්හිටුවීමට කොළඹ කොටස් වෙළදපොළ තීරණය කර තිබෙනවා. 

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා පැතිර යාම පාලනය කිරීම සදහායි ඇදිරි නීතිය පනවනු ලැබ තිබෙන්නේ. සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් නිවෙස්වලම රැදී සිටින්නැයි රජය මහජනතාවට උපදෙස් දී තිබෙනවා. 

ඒ බව සැලකිල්ලට ගනිමිනුයි සිය ගණුදෙනු තවදුරටත් අත්හිටුවීමට කොළඹ කොටස් වෙළදපොළ තීරණය කර ඇත්තේ.