Friday, March 29, 2024

General line - 0115112241

දිස්ත්‍ර්‍රික්ක 6කට හැර දිවයිනේ සියලූම ප්‍රදේශයන්ට ඇඳිරි නීතිය හෙට උදෑසන ඉවත් කෙරේ - ජනතාවට උපදෙස්




නව කොරෝනා අධි අවදානම් කලාප ලෙස හදුනා ගෙන ඇති දිස්ති‍්‍රක්ක හැර සෙසු සියළු දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇදිරි නීතිය හෙට උදෑසන 6 ට තාවකාලිකව ඉවත් කෙරෙනවා. 

කෙසේවෙතත් හෙට දහවල් 2 ට එම සියළු දිස්ති‍්‍රක්ක සදහාද ඇදිරි නීතිය යළි පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. 

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ති‍්‍රක්ක නව කොරෝනා අධි අවදානම් කලාප ලෙස හදුනා ගෙන තිබෙනවා. එම දිස්ති‍්‍රක්ක සදහා දැනට පනවා තිබෙන ඇදිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර කළුතර දිස්ති‍්‍රක්කයේ අටළුගම සහ මහනුවර දිස්ති‍්‍රක්කයේ අකුරණ යන ගම්මාන තවදුරටත් සම්පූර්ණයෙන් හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. කිසිවෙකුට හෝ එම ගම්මානවලට ඇතුළුවීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි අවධාරණය කෙරුණේ.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සදහා දිස්ති‍්‍රක්ක අතර ගමනා ගමනයද තවදුරටත් සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා කාර්යක්‍ෂමව පවත්වාගනු පිණිස ලබාදී ඇති සහන අවභාවිත කරන්නන්ට එරෙහිවද නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ඇදිරි නීතිය පැනවීම ඇතුළුව නව කොරෝනා ව්‍යප්තිය වැළැක්වීම සදහා විවිධ පියවර ගෙන තිබෙන්නේ ජනතාවගේ යහපත උදෙසා බවද මෙහිදී සිහිපත් කෙරුණා. 

ඒ අනුව ලබාදී ඇති උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවගෙන් නැවත ඉල්ලා සිටින්නේ.