Saturday, April 20, 2024

General line - 0115112241

ඇගළුම් අපනයනකරුවන්ගේ ගැටලු ජනපති කාර්ය සාධක බලකායේ අවදානයට




නව කොරෝනා ව්‍යසනය නිසා ඇගළුම් අපනයනකරුවන් මුහුණ දී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා සදහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය අද අවධානය යොමු කළා. 

ඉකුත් පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කෙරුණු ඇගළුම් අපනයන සදහා ජාත්‍යන්තර වෙළදපොලේ ඇතැම් ආයතන තවමත් මුදල් ගෙවා නොතිබීම එහිදී අවධානයට ගැණුනු ප‍්‍රමුඛ කරුණක්. 

කලින් ලද ඇණවුම් සදහා මේ වනවිට නිෂ්පාදන සිදු කෙරෙමින් තිබියදී එම ඇතැම් ඇණවුම් ගැණුම්කරුවන් විසින් අවලංගු කිරීමද අපනයනකරුවන් මුහුණදී තිබෙන දුෂ්කරතාවක් වනවා. 

පවතින ව්‍යසනය හේතුවෙන් ඉදිරි කාර්තුවේදී අපනයනකරුවන්ට මුහුණදීමට සිදුවන අභියෝග පිළිබදවද මෙහිදී අවධානය යොමුවූ බවයි අත්‍යවශ්‍ය සේවා සදහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පැවසුවේ. 

යුරෝපා සංගමයේ ශී‍්‍ර ලංකා නියෝජිත තෝස්ටන් බර්ග්ප්‍රෙඞ්ද අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු ප‍්‍රධානී සුසේන් චොක් සහ ශී‍්‍ර ලාංකේය ඇගළුම් අපනයන ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රධාන කර්මාන්තකරුවන්ද මෙම රැුස්වීම සදහා කැදවනු ලැබ සිටියා.