Wednesday, April 17, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් ගණන 143ට නගියි : අද දිනයේ ආසාධිතයින් 21ක් (UPDATE)




කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 143ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

අද (31) දිනයේදී කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් 21ක් දෙනෙක් හඳුනා ගෙන ඇති බවයි එම අංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

............................................................................................

අද දිනයේ කොරෝනා රෝගීන් 20ක් : මුළු සංඛ්‍යාව 142ක් 

(31-03-2020 19:44)

නව කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින් සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේදී මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 20 දෙනෙක් වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

මේ මස 11 වෙනිදා දෙවන කොරෝනා රෝගියා වාර්තා වීමෙන් පසු මෙරටින් එක් දිනක් තුලදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.