Saturday, April 20, 2024

General line - 0115112241

ලොවපුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි : අමෙරිකාව චීනය පසු කරයි




නව කොරෝනා වෛරසයෙන් ලොවපුරා ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව හතලිස් දහස ඉක්මවා ඇති බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය සඳහන් කර සිටිනවා.

දැනට ලොවපුරා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඉතාලිය වන අතර එහි පුද්ගලයින් 12,428 දෙනෙක් මේ වන විට ජිවිතක්ෂයට පත්ව ඇත.

ස්පාඤ්ඤයෙන් වර්තා වන මරණ සංඛ්‍යාව 8,269 ක් වන අතර වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව 94,417ක්.

පුද්ගල මරණ සංඛ්‍යාව අනුව චීනය අභිබවා යමින් අමෙරිකාවේ මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,400 ඉක්මවා තිබෙනවා.
අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 175,000 කට අධික වන අතර ඉන් රෝගීන් 75,000ක් වාර්තා වන්නේ නිව් යෝර්ක් ප්‍රාන්තයෙන් බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ප්‍රංශයේ පුද්ගල මරණ 3,024ක්, ඉරානයේ 2,898ක් බ්‍රිතාන්‍යයේ 1,789ක් සහ නෙදර්ලන්තයේ 1,039ක් ලෙස ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් වන බවයි ජෝන් හොප්කින්සන් විශ්ව විද්‍යාලය සඳහන් කරන්නේ.

මේ වන විට ලොවපුරා පුද්ගලයින් 823,479 දෙනෙකුට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති අතර සුව වූ පිරිස 174,019ක් බව සඳහන්.