Thursday, April 25, 2024

General line - 0115112241

විදෙස් ගතව පැමිණි අයට ලියාපදිංචියට දුන් සහන කාලය අදින් අවසන් - ලියාපදිංචි නොවූවන්ට දැඩි පියවර




නව කොරෝනා පැතිර යාම වළක්වා ගැනීමට නම් සියලූ පුරවැසියන්ගේ සහභාගීත්වය අවශ්‍ය බව යළි අවධාරණය කෙරෙනවා. මේ වනවිටත් රෝගය පැතිර යාම වළක්වා ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇතැම් තැනැත්තන් වෛද්‍ය උපදෙස් ගරු නොකර වගකීම් විරහිතව, හැසිරීම නිසා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඇතැම් පුද්ගලයින් තවදුරටත් නිරෝධායනය මග හරිමින් සිිටින බව ද හදුනාගෙන තිබෙනවා. විදෙස්ගතව සිට ඉකුත් මාර්තු 16 වැනිදාත් මාර්තු 19 වැනිදාත් අතර කාලයේදී ශී‍්‍ර ලංකාවට පැමිණි සියලූදෙනා නිරෝධායනය සඳහා පොලිසියේ ලියාපදිංචි විය යුතු බවටයි උපදෙස් දී තිබෙන්නේ. මෙම ලියාපදිංචිය සඳහා ලබා දුන් සහන කාලය අද (01) දහවල් 12 ට අවසන් වනවා. 

ඒ දක්වාත් නිරෝධායනය සඳහා ලියාපදිංචි නොවුණහොත් එවැන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

නිරෝධායනය මග හරින්නන් සම්බන්ධයෙන් මෙන්ම ඇදිරිනීතිය උල්ලංඝණය කරන්නන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව කී‍්‍රයාත්මක කරන බවයි නැවත සිහිපත් කෙරුණේ.