Saturday, April 20, 2024

General line - 0115112241

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ සහ ජනාධිපති ගෝඨාභය අතර පවතින තත්ත්වය ගැන සාකච්ඡාවක්




කොවිඞ් 19 හෙවත් නව කොරෝනා පැතිර යාම වැලැක්වීම සඳහා ශී‍්‍ර ලංකාව ගනුු ලැබ ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයද ස්තූතිය පල කරනවා.

එහි අධ්‍යක්ෂ ටේඞ්රෝස් ගේබි‍්‍රයස් පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද දුරකතනයෙන් සාකච්ඡා කළ බවයි.

නව කොරෝනා හේතුවෙන් ශී‍්‍ර ලංකාවට ඇති විය හැකි සෞඛ්‍ය සහ ආර්ථික බලපෑම් පිළිබඳ එහිදී අවධානයට ලක්ව තිබෙනවා.  

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා පැතිර යාම වැලැක්වීම සඳහා ලොව සෑම රටක්ම ඉතා ඕනෑ කමින් කටයුතු කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර අවධාරණය කර සිටියේ. නව කොරෝනා මේ වන විට ලොව රටවල් සහ දේශ සීමා 201ක් ආක‍්‍රමණය කර තිබෙනවා.