Friday, March 29, 2024

General line - 0115112241

සියලු විහාරස්ථාන වෙත ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්




හෙට (02) සිට දින 7 ක් සෑම දිනකම රාතී‍්‍ර 7.00 සිට 8.00 දක්වා සෑම විහාරස්ථානයකම ආශිර්වාද පිංකම් සිදුකරන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය නිවේදනයක් නිකුත් කරමින් සියළු විහාරස්ථානවලින් ඉල්ලීමක් කරනවා.

රාති‍්‍ර 7.00 ට ඝණ්ඨාර නාද කර, ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් සැදැහැවතුන් පන්සිල් සමාදන් කරවීමටත් පසුව බුද්ධ වන්දනාව සිදු කිරීමටත් කටයුතු කරන ලෙසයි මෙමගින් උපදෙස් දී ඇත්තේ.

රතන සූත‍්‍රය සහ ගිරිමානන්ද සූත‍්‍රය ඇතුළුව පිරිත් සජ්ඡායනා කර පසුව රාති‍්‍ර 7.55 සිට ලෝවාසී සියළු දෙනාට නිරෝගී සුව ප‍්‍රාර්ථනා කරමින් සත්‍යකි‍්‍රයාවක් සිදුකරන ලෙසද මෙමගින් යෝජනා කර තිබෙනවා.  

නිවෙස්වල සිටම මෙම පිංකම් සදහා සහභාගි වන ලෙසයි ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය ගිහි සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ. ව්‍යසනකාරී අවස්ථාවකදී වුවද මහා සංඝරත්නයට සිව්පසෙන් සංග‍්‍රහ කිරීම පිළිබද සියළු ගිහි සැදැහැවතුන්ට පුණ්‍යානුමෝදනා කරන බවද මෙම නිවේදනයේ සදහන්.

මේ අතර නෙත් එෆ්. එම්. රේඩියෝව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන සමග එක්ව පුරා සතියක් රතන සූත‍්‍ර සජ්ඡායනය කිරීමට කටයුතු කළා.

ඒ අනුව යමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි රතන සූත‍්‍රය සජ්ඡායනා කිරීමට කටයුතු කරන ලෙසයි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, අපි ජාතික බලවේගයේ විධායක සභාපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ද සියළු විහාරස්ථානවලින් ඉල්ලා සිටියේ.

මේ අතර නෙත් එෆ්. එම්. රේඩියෝව සහ අපි ජාතික බලවේගය එක්ව මෙහෙය වන ශී‍්‍ර ලාංකීය විශ්වකර්ම පෙළහරේදී යෝජනා කෙරෙන්නේ ද භික්‍ෂූන් වහන්සේගේ සහ විහාරස්ථානයේ නායකත්වයෙන් ඇති වී තිබෙන ව්‍යසනයට මුහුණදිය යුතු බවයි.

ඇති දේ බෙදාහදා ගැනීමටත් හැකිදේ වගා කිරීමටත් උනන්දු වන ලෙසද මෙහිදී යෝජනා කෙරෙනවා.

යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමද ඇති වී තිබෙන ව්‍යසනයට මුහුණදීම සදහා අත්‍යවශ්‍යයි. එලෙස යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම මෙවැනි වෙනත් ව්‍යසන වළක්වා ගැනීමටද ඉවහල් වනු ඇති.