Friday, March 29, 2024

General line - 0115112241

"ඩෙංගුත් යළි හිස එසවිය හැකියි" - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි




නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිරයාම වළක්වාගැනීමට මෙන්ම ඩෙංගු රෝගයේ යලි සිදුවිය හැකි හිස එසවීමද වලක්වා ගැනීමට සියලූ දෙනා උනන්දු විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

IDH  උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ පෙර වසරවල දත්ත විශ්ලේෂණය කිරීමේදී බොහෝ විට අපේ‍්‍රල් මාසයේ සිට ඩෙංගු රෝගයේ හිස එසවීමක් නිරීක්ෂණය වන බවයි.

නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිර යමින් ඇති මෙම අවස්ථාවේ ඩෙංගු රෝගයද එළෙස හිස එසවුවහොත් අභියෝගය තවදුරටත් දරුණු වන බවද මෙහිදී පැහැදිලි කෙරුණා.

නව කොරෝනා ආසාදිතව සුවය ලබා රෝහලින් පිටව යන තැනැත්තන්ට එම වෛරසය යලි ආසාදනය වීමට ඇති හැකියාව පිළිබඳවද නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්ණ කළා.

එහිදී පැහැදිළි කරමින් සඳහන් කළේ සාමාන්‍යයෙන් වෛරසයක් වැළඳුණු විට එම වෛරසයට විරුද්ධව ශරීරයේ ප්‍රතිදේහ ඇති වෙන බවයි. 

ශී‍්‍ර ලංකාවෙන් මේ දක්වා හදුනා ගෙන ඇති මුලූ නව කොරෝනා ආසාදිතයන් ගණන 142ක්. ඔවුන්ගෙන් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ලොව පුරා මේ  දක්වා හදුනා ගෙන ඇති නව කොරෝනා ආසාදිත මුලූ සංඛ්‍යාව 8 ලක්ෂ 56,917ක් ඔවුන්ගෙන් එක් ලක්ෂ 77,141 දෙනෙකු සුවය ලබා තිබෙනවා.