Thursday, April 18, 2024

General line - 0115112241

නිවෙස් අසළට පැමිණෙන රථ ගැනත් ජනතාවගේ අවධානය වැදගත්



ආහාර හෝ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා නිවෙස් අසළට පැමිණෙන ජංගම රථ අසළ ද අනවශ්‍ය ලෙස රැස් නොවන්නැයි වෛද්‍යවරුන් මහජනතාවට උපදෙස් ලබා දෙනවා. 

නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට ඊයේ (31) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ වැඩසටහනේදී ද විශේෂඥ වෛද්‍ය සජීවනී සිල්වා ඒ පිළිබඳ අදහස් පළ කළා.

මේ අතර විවිධත්වය හෝ සබදතා අපේක්ෂාවෙන් නිවසින් බැහැරව යනවාට වඩා නිවස තුළම විවිධත්වය හා සබඳතා ඇති කරගැනීමට උත්සාහ කරන්නැයි වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙනවා.

ඇඳිරි නීතිය පනවා තිබීම නිසා නිවසේම රැඳී සිටීමට සිදු වීමෙන් ඇති විය හැකි මානසික පීඩා එමගින් අවම කරගත හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී ඒ පිළිබඳව ද සාකච්ඡා වුණා.

එහිදී සාකච්ඡා සඳහා එක්ව සිටියේ රිච්වේ ආර්යා ළමා රෝහලේ ළමා සහ නව යොවුන් විය පිළිබෙඳ විශේෂඥ මනෝ වෛද්‍ය අපේක්ෂා හේවාගීගනගේ සහ අවිස්සාවේල්ල දිස්ති‍්‍රක් මහ රෝහලේ මූලික ප‍්‍රතිකාර ඒකකයේ හදිසි ප‍්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය සජීවනී සිල්වා යි.

(එම වැඩසටහන පහතින් දැක්වේ.)