Friday, March 29, 2024

General line - 0115112241

දේශීය සහ විදේශීය සමාගම්වලින් වෛද්‍ය උපාංග රැසක් ආධාර ලෙස මෙරටට ලැබේ




ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන Alibaba Group නිර්මාතෘ ජැක් මා විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ ලක්ෂයක තොගය මේ වන විට මෙරටට ලැබී තිබෙනවා.

මේ අතර සන් ලංකා ඔටෝ ට්‍රේඩර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සහ මහාරා සමූහ ව්‍යාපාරයේ සභාපතිනි කොෂිලා එරත්නේ, සෑම් ප්‍රනාන්දු, චීනයේ ශ්‍රී ලාංකික සේවකයින් පිරිසක් සමඟ ශ්‍රී ලංකා රෝහල් සහ ශ්‍රී ලංකා යුද හමුදාවට වෛද්‍ය ආරක්ෂක භාණ්ඩ තොගයක් පරිත්‍යාග වශයෙන් ලබා දී තිබුණා.

එහිදී KN95 මුහුණු ආවරණ 2000ක්,  ආරක්ෂිත ඇඳුම් කට්ටල 1500 ක්, අක්ෂි ආරක්ෂිත ඇස් කණ්ණාඩි 500 ක්, ආරක්ෂිත මුහුණු ආවරණ, 10000ක්, Face Splash Guards 500ක් වශයෙන් ලබා දී තිබුණා.

එම වෛද්‍ය ආරක්ෂක උපාංග රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඇතුළු නිලධාරීන් වෙත භාර දෙනු ලැබුවා.