Friday, May 29, 2020
Hotline - 0770586666

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළ ප්‍රදේශවල අද ජනතාවගේ ඒකරාශීවීම් අඩු වෙයි (PHOTOS)

ලලිත් චාමින්ද

2031Views


 


ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු අද (01) දින ගාල්ල නගරයට පැමිණෙන ජනතාවගේ  අඩුවිමක් දක්නට ලැබෙන බව nethnews.lk වාර්තාකරු සඳහන් කළා. 

භාණ්ඩ මිලදී ගැනීම සදහා සතොස හා සුපිරි වෙළද සැල්වල වෙනදා දක්නට ලැබු දිගු පොළිම් අද දින දැක ගැනීමට නොමැති බවයි වාර්තා වෙන්නේ.

එහෙත් ගාල්ල නගරයේ ඔසුසලෙන් ඖෂධ මිලදී ගැනිම සදහා පැමිණි ජනතාව පෝළිම්වල රැදි සිටින අයුරු අද උදැසන නිරීක්ෂණය වූ බවත් සදහන් කළා. 

මේ අතර ප්‍රදේශ කිහිපයකම වාර්තාකරුවන් සදහන් කළේ වෙනදා දකින්නට ලැබෙන ජනතා ඒකරාශීවීම් අද දිනයේ බොහෝ සෙයින් අඩු වී ගොස් තිබූ බවයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here