Friday, April 19, 2024

General line - 0115112241

තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් අතර ගොතටුවේ පුද්ගලයෙකුත්




නව කොරෝනා ආසාදිත බවට ඊයේ (31) තහවුරු කර ගැනුණු අය අතර ගොතටුව ඇල්හේන පාරේ පුද්ගලයෙකු ද සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මෙම පුද්ගලයා ඉන්දියාවේ සංචාරයක යෙදී සිට ආපසු පැමිණ ඇති අයෙක්. 

ඒ අනුව ගොතටුව ඇල්හේන පාරේ නිවාස 35 ක පවුල් 42 ක් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එලෙස නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයින් ගණන 172 ක්. 

ශී‍්‍ර ලංකාවෙන් මේ වනවිට හදුනාගෙන ඇති නව කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 143 දෙනෙකු වනවා.