Wednesday, April 24, 2024

General line - 0115112241

විශ්‍රාම වැටුප් ගෙවීමට හෙට සහ අනිද්දා SDB බැංකු ඇරේ - පාරිභෝගිකයන්ට පණිවිඩයක්




හෙට සහ අනිද්දා දිනවලදී විශ‍්‍රාම වැටුප් ලබා දීම සඳහා රට පුරා සිය සියලූ ශාඛා විවෘතව තබන බව SDB බැංකුව පවසනවා. එහි අලෙවි ප‍්‍රධානී සමීර ලියනගේ ප්‍රකාශ කළේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා මෙලෙසට සිය ශාඛාවන් විවෘතව තබන බවයි.

යෝජිත ණය සහන සියල්ලද SDB බැංකුවේ ගණුදෙනුකරුවන් වෙත නොපමාව ලබා දෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර, ඇතැම් බැංකුවල ATM යන්ත‍්‍රය ඉදිරිපිට අදත් දිගු පෝලිම් දක්නට ලැබුණා. එහෙත් ගිණුම පවත්වාගෙන යන බැංකුවේම නොව වෙනත් බැංකුවක ATM යන්ත‍්‍රයකින් වුව ද ඩෙබිට් කාඩ් පත භාවිත කර ගණුදෙණු කළ හැකියි. 

ඒ සඳහා අතිරේක සුළු සේවා ගාස්තුවක් අය කෙරුණ ද දිගු වේලාවක් පෝලිමක රැඳි සිට අවදානමකට ලක් වනවාට වඩා මෙම සුළු සේවා ගාස්තුව දරා ගැනීම මෙවැනි අවස්ථාවක වඩා සුදුසු වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.