Friday, April 19, 2024

General line - 0115112241

කුවේට්, ලෙබනන් හි සේවය කරනා ශ්‍රී ලාංකිකයන්ට පණිවිඩයක්




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා පැතිර යාම වළක්වාලීමේ පියවරක් ලෙස ලෙබනනය එරට නීතිවිරෝධීව වෙසෙන විදේශිකයින්ට එරටින් පිටව යාම සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා. 

එහෙත්, ලෙබනනය මෙම පොදු සමා කාලය ලබා දී ඇත්තේ බොහෝ රටවල ගුවන් තොටුපළ වසා දමා හෝ ගුවන් ගමන් සීමා කර තිබියදීයි.

ලෙබනනය ද ලබන 12 වනදා දක්වා සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර ශී‍්‍ර ලංකාවටද විදේශයන්හි සිට මගීන් පැමිණීම මේ වනවිට තහනම් කරයි තිබෙන්නේ. 

ඒ අනුව ලෙබනනය විසින් ප‍්‍රකාශයට පත් කෙරුණු පොදු සමා කාලයේ ඵලදායීතාව කුමක්දැයි නෙත් නිවුස් විමසීමක් කළා. 

ඊට පිළිතුරු දුන් ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යයාංශයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් එම් වී වංසේකර පැවසුවේ මෙම පොදු සමා කාලයේදී සිදු කෙරෙන්නේ, තැනැත්තන් ලියාපදිංචි කිරීම පමණක් බවයි. 

ලියාපදිංචි වන තැනැත්තන් යළි ශී‍්‍ර ලංකාවට එවනු ලබන්නේ පවතින ව්‍යසනකාරී තත්ත්වය පහව යාමෙන් පසුව බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

නීතිවිරෝධීව රැඳී සිටින විදේශිකයින්ට සිය රටින් පිටව යාම සඳහා කුවේටය ද මීට පෙර පොදු සමා කාලයක් ප‍්‍රකාශයට පත් කළා. එහෙත් එහි කටයුතු සිදු කරන්නේ කෙසේදැයි තවදුරටත් කුවේට් රජය සමග සාකච්ඡා කරන බවයි කුවේටයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යයාලය වෙනුවෙන් පෝෂික පෙරේරා පැවසුවේ.