Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපති ගෝඨාභය මහ බැංකු ප්‍රධානීන් හමුවේ




නව කොරෝනා පැතිර යාමත් සමග ඇති වී තිබෙන ආර්ථික අභියෝග පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ප‍්‍රධානීන් අතර සාකච්ඡුාවක් සිදුව තිබෙනවා. 

මුදල් සැපයුම පවත්වා ගැනීම සම මූල්‍ය පහසුකම් කළමණාකරණය සහ ශී‍්‍ර ලංකා මහ බැංකුව ගනු ලැබ ඇති පියවර පිළිබඳවයි මෙහිදි වැඩ අවධානයක් යොමුව ඇත්තේ. 

නව කොරෝනා අභියෝගය ජය ගැනීමෙන් පසු ආර්ථික අභියෝග ජය ගැනීමට ආර්ථික උපාය මාර්ග සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ප‍්‍රධානීන්ට මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.