Saturday, April 20, 2024

General line - 0115112241

මැලේසියාවේ සිට පැමිණි ගුවන් යානයේ සිටි පිරිසකට යුධ හමුදාපතිගෙන් දැනුම් දීමක්




පුත්තලමේදී කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයා ඉකුත් මාර්තු මස 17 වෙනිදා මැලේසියාවේ සිට මෙරටට OD-185 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එම ගුවන් යානයෙන් පුද්ගලයින් 36 දෙනෙක් මෙරටට පැමිණ ඇති බව පැවසූ යුධ හමුදාපතිවරයා එලෙස එම ගුවන් යානයෙන් පැමිණි පුද්ගලයින් වහාම ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස යුධ හමුදාපතිවරයා දැනුම් දී සිටිනවා.