Thursday, April 25, 2024

General line - 0115112241

රට සිට පැමිණි 2913 දෙනෙක් ලියාපදිංචි වෙලා - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ




ඉකුත් මාර්තු මස 16 වෙනිදා සිට ගුවන් තොටුපළ වසා තබන දිනය දක්වා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට ලියාපදිංචි වීම සඳහා ලබා දුන් කාලය අද (01) දහවල් 12.00 ට අවසන් වූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

ඒ අනුව මේ වන විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 2,913 දෙනෙක් පොලිසියේ ලියාපදිංචි වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

එමෙන්ම මේ දක්වා ලියාපදිංචි නොවූ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.