Tuesday, April 23, 2024

General line - 0115112241

කොරෝනා ප්‍රහාරය හමුවේ රුපියල තවත් පහල යයි




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප‍්‍රමාණය වී තිබෙනවා. 

ශ‍්‍රී ලංකා මහ බැංකුව මගින් අද ප‍්‍රකාශයට පත් කළ විනිමය අනුපාතික අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 192 යි ශත 65 ක් ලෙසයි.

ඩොලරයක ගැණුම් මිල රුපියල් 187. 55 ක් ලෙස සටහන් වුණා. කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග මතුව ඇති ආර්ථික තත්ත්වයන් හමුවේ රුපියලේ අගය ඉකුත් දින කිහිපය පුරා අඛණ්ඩව අවප‍්‍රමාණය වුණා.