Tuesday, April 23, 2024

General line - 0115112241

කොරෝනා සටනට වැලිකඩ රැඳවියන්ගේත් සහය - ආහාර වේලක් කැපකොට ජනතාවට සහන එවයි




නෙත් එෆ් එම් රේඩියෝව අපි ජාතික බලවේගය සමග එක්ව ආරම්භ කළ ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහරට මේවනවිටත් බොහෝ ආයතන වලින් සහ විවිද පුද්ගලයන්ගෙන් යහපත් ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා. 

ඇති දේ බෙදාහදා ගැනීම, හැකි දේ අප විසින්ම වගා කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම සඳහා ජනතාව දිරිමත් කිරීම අරමුණු කරගනිමින් ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහර කි‍්‍රයාත්මක වනවා. 

එම අරමුණුවලට අනුව යමින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සිය ආහාර වේලක් කැප කර එය මෙම අවස්ථාවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබා දීමටයි තීරණය කර ඇත්තේ. 

ඒ අනුව කොළඹ අවට ප‍්‍රදේශවල ආහාර සපයා ගැනීම අසීරු වී ඇති පිරිස් වෙත කෑම පාර්සල් දෙදහසක් ඉදිරි දිනකදී බෙදා හැරීමට කටයුතු කරන බවයි බන්ධනාගාර කොමසාරිස් - පුනරුත්ථාපන චන්දන ඒකනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.