Friday, April 19, 2024

General line - 0115112241

නීතිපතිවරයාගෙන් අගවිනිසුරුවරයාට ඉල්ලීමක්




හෙට සහ අනිද්දා යන දින දෙක සඳහා නියම කර ඇති මහාධිකරණ ඇප සම්බන්ධ නඩු අවලංගු කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් මතුව ඇති තත්ත්වයන් සැලකිල්ලට ගෙන නීතිපතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී අධි නීතීඥ නිෂාරා ජයරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.