Friday, March 29, 2024

General line - 0115112241

බේරුවල අධි අවදානම් ග‍්‍රාමසේවා වසම් 05 ක්




නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනා ගැනීමත් සමග බේරුවල ප‍්‍රදේශයේ අධි අවදානම් ග‍්‍රාමසේවා වසම් 05 ක් හඳුනාගෙන තිබෙනවා.

බේරුවල ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ මේ වනවිට එම ප‍්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් 219 දෙනෙකු පමණ නිරෝධායනයට ද ලක් කර ඇති බවයි.  

මේ වනවිට බේරුවල ප‍්‍රදේශයෙන් පමණක් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

අකුරණ, අලවතුගොඩ, තෙලඹුගහවත්ත ගම්මානය සහ පුත්තලම, කඩයන්කුලම ප‍්‍රදේශයේ ගම්මානයක් මෙන්ම බණ්ඩාරගම, අටලූගම ප‍්‍රදේශය ද සම්පූර්ණයෙන් හුදෙකලා කර තිබෙනවා. ඒ, එම ප‍්‍රදේශවලින් නව කොරෝනා ආසාදිතයින් සොයා ගැනීමත් සමගයි.