Thursday, April 25, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය මැද ධීවරයින් පොලිසියට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මාරුවෙන් මාරුවට රස්තියාදු වෙයි




ඇඳිරි නීති බලපත‍්‍ර ලබා නොදීම හේතුවෙන් සිය ධීවරයින් අර්බුද රැසකට මුහුණ පා සිටින බව අගුලාන ප‍්‍රදේශයේ ධීවරයින් මැසිවිලි නගනවා.

පවතින තත්ත්වය හමුවේ ධීවරයින් මුහුණ පා සිටින ගැටලූ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ අගුලාන ප‍්‍රදේශයේ ධීවර කර්මානයේ නිරත වූවෙකු වන සුදේශ් චාමර ප‍්‍රනාන්දු සඳහන් කළේ "දැන් රටේ තියන තත්ත්වයත් එක්ක අපේ ධීවරයින් මුහුදු ගිහින් අල්ලගෙන එන මාළු මිලදී ගන්න වෙළෙන්දො එන්නෙ නෑ. අපිට ඇඳිරි නීති බලපත්‍ර නැති නිසා මාළු අලෙවි කරන්න යන්නවත් බෝට්ටුවලට තෙල් ගන්න යන්නවත් හැකියාවක් නෑ. අයිස් ගන්න යන්නවත් හැකියාවක් නෑ." යනුවෙනි. 

ඇඳිරි නීති බලපත‍්‍රය ලබාගැනීම සඳහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගිය ද එම නිලධාරීන් ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කළ නොහැකි බවට ප‍්‍රකාශ කළ බවයි ඔහු සඳහන් කළේ.

මෙම ගැටලූවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ධීවරයින් රජයෙන් ඉල්ලීමක් කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.