Friday, April 26, 2024

General line - 0115112241

හෝටල් 03 සඟවාගෙන සිටි විදේශිකයින් පිරිසක් හසු වෙයි

අමදෝරු අමරජීව




මේ වන විට රට පත්ව ඇති තත්ත්වය හමුවේ නිරෝධානයට ලක් කලයුතු විදේශියකයන් හත් දෙනෙකු සඟවාගෙන සිටි සිද්ධියක් වාර්තා වුණා.

නිලාවේලි සංචාරක කලාපයට අයත් හොටෙල් තුනක එම විදේශිකයින් සඟවා ගෙන එය වසන් කළ එම හොටෙල්  තුනක අයිතිකරුවන්  තිදෙනා ඊයේ (01)  රාත්‍රියේ අත්අඩංගුවට  ගැනීමට උප්පුවේලි පොලිසිය සමත්ව තිබෙනවා.

උප්පුවේලි පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක  ගයාන් ප්‍රසන්නට ලද තොරතුරකට අනුව  ත්‍රිකුණාමලය දිසා භාර නියෝජ්‍ය පොලිස්පති  දමයන්ත විජය ශ්‍රි ගේ උපදෙස් මත මෙම වැටලිම සිදු කර තිබුණා. 

මේ අනුව එම හොටල්වල  සිටි ඇමෙරිකානු  ජාතිකයන් දෙදෙනෙකු, චීන ජාතිකයන්  දෙදෙනෙකු, පින්ලන්ත ජාතිකයෙකු , ස්කොට්ලන්ත ජාතිකයෙකු හා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු  ඇතුලු මෙම හත්දෙනා එම හොටල් තුළම ස්වයං නිරෝධානයට යොමු කල බව උප්පුවේලි පොලිසියේ නිලධාරියෙකු පැවසුවා. 

මෙම විදේශිකයන් පොලිස් ආරක්ෂාව ඇතිව නිරෝධායන කටයුතු වලට යොමු කර ඇති අතර  එක් විදේශිකයෙකුට විසා නොමැති බවද අනාවරණය වී තිබෙනවා.

මෙම විදේශිකයන් යාපනය, හබරණ, අනුරාධපුරය හා මීගමුව ආදි ප්‍රදේශවල  සංචාරය කර ඇති බවද  පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අදාළ හෝටල් හිමිකරුවන් තිදෙනාට  ශ්‍රි ලංකා දණ්ඩ නිති  සංග්‍රහයේ  262 ,263 හා 264 යන වගන්ති ප්‍රකාරව බරපතල වසංගත රෝගි අවස්ථාවකදි  එය වැලැක්විමට  කටයුතු නොකිරීම, එයට ආධාර අනුබල දීම යන චොදනා  යටතේ හා නිරෝධායන පනත යටතේ  ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි.