Friday, March 29, 2024

General line - 0115112241

ලොවපුරා කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය වැඩිවෙලා - සෞඛ්‍ය සංවිධානය




නව කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් Tedros Adhanom සඳහන් කර සිටිනවා.

වෛරසය මේ වන විට ලොවපුරා රටවල් සහ ප්‍රදේශ 205 කට ව්‍යාප්තවී ඇති බව පැවසූ අධ්‍යක්ෂක ජනරාල්වරයා එහි ව්‍යාප්තිය සීඝ්‍ර වී ඇති බවයි ඔහු කියා සිටියේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ගැටළු වලට මුහුණ පා සිටින රටවල් සඳහා උපකාර කිරිමට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.

" පසුගිය සති පහක කාලය තුල ලොවපුරා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහල යන බවට වන සාධක තිබෙනවා. ඒ වගේම පසුගිය සතිය වන විට මරණ සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවී තිබෙනවා.

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ ආකාරයේ සමාජ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ගැටළු මතු වනවා.

එම රටවල් සඳහා, ඔවුන්ගේ ජනතාව රැකබලා ගැනීමට සහ ආර්ථික කඩාවැටීම වළක්වා ගැනීමට ණය සහන අත්‍යවශ්‍යයි. 

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල - සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වශයෙන් අප ඉල්ලා සිටිනවා.

ණය සහන ක්‍රියාවලීන් දීර්ඝ කාලීන එකක් විය යුතුයි.

අපි ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෝජනා කරන්නේ අවශ්‍යතා සහිත එවැනි රටවලට ආධාර කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස" ද මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් Tedros Adhanom ඉල්ලා සිටියා.