Thursday, March 28, 2024

General line - 0115112241

සෙලාන් බැංකුවෙන් ගමින් ගමට "ජංගම ATM " පහසුකම්




රටපුරා පවතින කොරෝනා අවධානම් තත්වය සහ  පනවා ඇති ඇඳිරි නීතිය නිසා බැංකු ATM යන්ත්‍රවලින් අවශ්‍ය මුදල් ලබා ගැනීමට නොහැකිව සිටින ජනතාව වෙනුවෙන් සෙලාන් බැංකුවෙන් නව සේවාවක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය දිනවල තාවකාලිකව  ඇඳිරි නීතිය ඉවත් කිරිමත් සමඟම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට ජනතාවගේ දිගු පෝලිම් දක්නට ලැබුනා.

එමනිසා බොහෝ දෙනා අපහසුතාවයට පත් වූ අතර , දිවයිනේ ඕනෑම බැංකුවක Visa, Master සහ China Pay කාර්ඩ් පතක් හිමි පාරිභෝගිකයන්හට අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් සෙලාන් බැංකුවෙන් මෙම "ජංගම ATM "සේවාව හඳුන්වා දී තිබෙනවා

ඒ අනුව පසුගියදා හැවුලොක් සිටි සහ සොයිසාපුර යන මහල් නිවාස සංකීර්ණ පරිශ්‍රයේදී මෙම සේවාව ක්‍රියාත්මක කරනු ලැබූවා.

ඉදිරි දිනවලදී දිවයිනේ සෙසු නගරද ආවරණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වන අතර ,මුදල් ලබා ගැනීමේ අවශ්‍යතාවය තිබෙන සියලු දෙනාටම ඉතා පහසුවෙන් මෙන්ම නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින්ම මුදල් ලබා ගැනීමේ පහසුකම හිමිවේ.

සෙලාන් බැංකුවේ නිල ෆේස්බුක් පිටුව වෙත පිවිසීමෙන් මෙම සේවාව ලබා දෙන ස්ථාන සහ එයට අදාළ දිනයන් පිලිබඳව ඔබට වැඩි තොරතුරු දැනගත හැකි වෙනවා.

http://https://www.facebook.com/SeylanBank/