Tuesday, April 23, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය ගැන අද සිට පරීකෂා කිරීම් වැඩි කෙරේ




නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අද (03) සිට වැඩි කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

මේ වන විට කොරෝනා වෛරසය ආසාධනය වී රෝගියෙක් වාර්තා වූ පසු එම රෝගියා පදිංචිව සිටි නිවස අවට පිහිටි පුද්ගලයින් කිහිප දෙනෙක් ගේ සාම්පල් පරීක්ෂාවක් සිදුකිරිම සෞඛ්‍ය අංශ විසින් ආරම්භ කොට ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් වෛරසය සමාජය තුල පවතීද යන්න සම්බන්ධයෙන් සැකහැර දැන ගැනීම සඳහා වැඩි වශයෙන් පරීක්ෂණ අද සිට ආරම්භ කළ බවයි වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.