Friday, April 19, 2024

General line - 0115112241

මහ බැංකුවෙන් සියලු මුල්‍ය සමාගම් වෙත දැනුම් දීමක්




කොරෝනා වෛරසය හේතුවෙන් දුෂ්කරතාවට පත් ව්‍යාපාර සහ ජනතාව වෙනුවෙන් නිකුත් කළ නිර්දේශ හැකි ඉක්මනින් කි‍්‍රයාත්මක කරන්නැයි ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඞී ලක්ෂ්මන් මෙරට වාණිජ බැංකු ඇතුළු සියලූ බැංකු වෙත දැනුම් දෙනවා.

අදාළ නිර්දේශ කි‍්‍රයාත්මක නොකරන සහ පැහැර හරින බැංකුවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදු නොවන පරිදි කි‍්‍රයාකරන ලෙස ද ඉල්ලා සිටින බවයි ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. 

රටේ අවශේෂ රාජ්‍ය ආයතන සමග ශ‍්‍රී ලංකා මහ බැංකුව ගන්නා ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග හුදෙක් වර්තමාන තත්ත්වයන් අරමුණු කොට ගන්නා කි‍්‍රයාමාර්ග නොවන බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරනවා.