Thursday, April 25, 2024

General line - 0115112241

පවතින තත්ත්වය හමුවේ සියලූ ආගම්වලට ගැටලූ ඇතිවිය හැකියි - රජය සැමවිටම සෞඛ්‍ය උපදෙස් අනුව කි‍්‍රයාකරන බවට අගමැතිගෙන් ප‍්‍රකාශයක්




පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ බෞද්ධ, මුස්ලිම්, කතෝලික සේම අනෙකුත් ආගම්වලටත් විවිධ ගැටලූ ඇතිවිය හැකි වුවත්, සමස්ථ සමාජය පිළිබඳ සලකා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කටයුතු කිරීමට රජය සැමවිටම පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අරලියගහ මන්දිරයේ පැවැති සර්ව පාක්ෂික නායකයින්ගේ හමුවේදීයි.

කොරෝනා වෛරසය ආසාදනයවී මියගිය මුස්ලිම් පුද්ගලයින්ගේ මෘතදේහ ආගමානුකූලව භූමිදානය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මුස්ලිම් පක්ෂ නියෝජිතයින් යොමු කළ ගැටලූවලට පිළිතුරු ලබා දෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

වෛරසය ආසාදනය වී මියගිය මුස්ලිම් පුද්ගලයින් භූමිදානය කළ යුතු බවට ප‍්‍රකාශ කළ මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් ද මෙම සර්ව පාක්ෂික හමුවේදී අදහස් දැක්වුවා. එහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු මන්තී‍්‍රවරයා අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ද කොරෝනා වෛරසය ආසාදනය වුනු පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති උපදෙස් පිළිබඳ මෙහිදී කරුණු පැහැදිළි කළා. 

ඔහු කියා සිටියේ කොරෝනා වෛරසය වැනි දරුණු වසංගත තත්ත්වයකින් මියගිය පුද්ගලයෙකු භූමිදාන කිරීමට නම් මෙරට සමස්ථ තත්ත්වය සලකා බැලිය යුතු බවයි. මෙරට තිබෙන පස කබොක් සහ පොහොර පසක් වන බැවින් මෙම වෛරසය පස් ස්ථර හරහා ගමන් කිරීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදී පැහැදිළි කළේ.  

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ තමන් විශේෂඥයෙකු නොවන බැවින් තමන් ඇතුළු රජයේ සියලූ දෙනා සෑමවිටම විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන බවයි.