Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති සහ අගමැතිගේ නම් අවභාවිතා කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු රාජ්‍ය ආයතන ප‍්‍රධානියෙක් ගැන විමර්ශනයක්




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නම් අවභාවිත කරමින් කලහකාරී ලෙස හැසුරුණු වෘත්තීය පුහුණු අධිකාරියේ සබාපති දමිත වික‍්‍රමසිංහ සහ ව්‍යාපාරිකයෙකු වන කාවන් තේනුවර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිකඩ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම පිරිස මෙලෙස කලහකාරී ලෙස හැසිරී තිබුණේ ඇතුල්කෝට්ටේ අලකේශ්වර මාවතේ පිහිටි ගුවන් සමාගමකට අනියුක්තව සේවය කරන පුද්ගලයෙකුට අයත් නිවසකදීයි. පෞද්ගලික ආරවුලක් මීට හේතුවී ඇති බවයි පැවසෙන්නේ.

ඇඳිිරි නීතිය පවතින අවස්ථාවක මෙලෙස කලහාකාරී ලෙස හැසිරීම රජය අපහසුතාවයට පත්වන කරුණක් බැවින් මේ පිළිබඳ නිලේකා රුවන්ති අතපත්තු නමැත්තිය විසින් ජී සී අයි බී 67/17 දරණ පැමිණිලි අංකය යටතේ වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.