Saturday, April 20, 2024

General line - 0115112241

විජයමුණිට අත එසවේ




එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තරග වදින්නේ අත ලකුණින් බව අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද (03) පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව පැවසුවා. පක්ෂය ශක්තිමත් කිරීම සඳහා එවැනි තීරණයකට යා යුතු බවයි හෙතෙම වැඩි දුරටත් පැවසුවේ.

මේ අතර කුරුණෑගල අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී එම දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන මන්ත‍්‍රී සංසඳය කියා සිටියේ තමන් එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරග වදින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයකින් බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණ තමන් පිළි නොගන්නා බවද ඔවුන් කියා සිටියා.