Thursday, April 25, 2024

General line - 0115112241

ඉදිරියට ආර්ථිකය තවත් අමාරුයි – බන්දුල




මහබැංකුවේ ප‍්‍රතිපත්ති පොළී අනුපාත ඉහළ නැංවීම නිසා ඉදිරියේදී ආර්ථික වශයෙන් තවත් අපහසුතාවලට මුහුණදීමට මහජනතාවට සිදුවනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය අනතුරු අඟවනවා.

ඔවුන් අද (03) පැවැත් වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන ඊට හේතු පැහැදිළි කළා.

එහිදී හෙතෙම පැවසුවේ මෙතෙක් ලංකාවේ කිසිඳු ආණ්ඩුවක් නොකළ අයුරින් පසුගිය වසර එකහමාරක කාලය තුළ විදේශීය වෙළඳපොළ තුළ සියයට එක්දහස් ගණනක අගයකින් විදේශ ණය බර වැඩි කර ඇති බවයි.  මේ නිසා පොළී අනුපාතය විශාල ලෙස වැඩි වෙන බවත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාතයද ඉහළ නංවා ඇති බවයි හෙතෙම පැවසුවේ.