Saturday, April 20, 2024

General line - 0115112241

නඩුව පවත්වාගෙන යන්න බැහැ – නාමල්ගේ නීතිඥයින් අධිකරණයට කියයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝග පැහැර හරිමින් කි‍්‍රයාකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති පැමිණිල්ලක් අද (03) සලකා බැලුණා.

මෙම පැමිණිල්ල පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. කෙසේ වෙතත් පෙත්සමක් හෝ දිවුරුම් ප‍්‍රකාශයක් මගින් ඉදිරිපත් කර නොතිබීම නිසා එය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියා.

අල්ලස් කොමිසමේ නියෝජිතයින් එහිදී පෙන්වා දුන්නේ සිය ආයතනයේ පිහිටුවා ඇති පනත සුවිශේෂ පනතක් වන බැවින් මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන බවයි.

කරුණු සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය දෙපාර්ශ්වයේම ලිඛිත දේශන අගෝස්තු 29 වෙනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි නියෝග කළා.