Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 178කට ඉහළ යයි - කොරෝනා ආසාධිත තී‍්‍රරෝද රථ රියදුරෙකුත් ජාඇල ප්‍රදේශයෙන් හමුවේ




ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් 178 දක්වා අද ඉහළ ගියා. තවත් රෝගීන් දෙදෙනෙකු අද දිනයේ හදුනා ගැනීමත් සමගයි. 

ඒ අනුව තවත් රෝගීන් 139 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ. 

කොරෝනා වෛරසය වැළදුනු තවත් පුද්ගලයෙකු අද සුවය ලබා රෝහලෙන් පිටව ගියා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 34 ක්. මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 5 ක්. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ කොරෝනා රෝගීන් හදුනා ගැනීමේ පරීක්‍ෂණ තවදුරටත් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

කිසියම් හෝ සැක සහිත රෝග ලක්‍ෂණයක් පවතින්නේ නම් ඒ පිළිබද දැනුම්දීම සදහා දුරකතන අංක 2 ක් හදුන්වාදී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එම දුරකතන අංක වන්නේ 1390 සහ 1999 යි. මෙන්න එම දුරකතන අංක නැවතත් 1390 සහ 1999. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ සමාජ දුරස්ථභාවය තවදුරටත් ඇති කිරීම මෙහි අරමුණ බවයි.